Windows 11 rollback Windows 10 to another drive

මගේ ලැප් එකේ දැනට වින්ඩෝස් 10 install කරල තියෙනවා. ඒක activate කරල තියෙන්නෙ Digital License එකක් මගින්. මට ලැප් එක windows 11 වලට upgrade කරල experience කරන්න ආසවක් තියෙනවා. එහෙම කරල සති දෙක තුනකට පස්සෙ Hard Disk එක format කරල (දැනට වින්ඩෝස් තියෙන්නෙ හාඩ් එකේ) SSD එකට ආපහු වින්ඩොස් 10 දාන්න ගියොත් (දවස් 10 පැනල නිසා) දාන්න දෙන එකක් නද්ද? digital License එක වින්ඩොස් 10 වලට valid වෙයිද? SSD එකට windows 11 ම දාන්න කියල කියයි ද?

ඔයාට experience කරන්න විතරයි නම් ඕන virtual-machine එකකට වින්ඩොව්ස් 11 install කරල ඔයාගේ experience එක ගන්න. නැත්නම් Windows 11 React වගේ එකකින් online ම experience කරන්න පුළුවන්. ඕන නම් එකේ Windows application එකත් තියෙනවා.

ඔයාට system requirements තියෙනවනම් (windows update එකෙන් ම windows 11 වලට upgrade වෙන්න පුළුවන්නම්) windows 11 වලට upgrade වෙන්න, අයෙ 10 වලට එන්න ඕන නැහැ.

1 Like

thank you. නමුත් මගේ ප්‍රශ්නෙට සම්පුර්ණ උත්තරේ තාම ලැබුනෙ නෑ. මට තියෙන ප්‍රශ්නෙ ත්මයි. මම අද හාඩ් ඩිස්ක් එකේ තියෙන වින්ඩෝස් 10 වින්ඩෝස් 11 වලට අප්ග්‍රේඩ් කරල, පාවිච්චි කරල, සති 2-3 කින් මගේ ssd එකට ආපහු වින්ඩෝස් 10 දාන්න ගියොත් ඒකට ඉඩ දෙන එකක් නැද්ද කියල. මොකද මට තියෙන්නෙ ඩිජිටල් ලයිසන් එකක්නෙ. ඒක මගේ මැෂින් එකටම බයින්ඩ් වෙලානෙ තියෙන්නෙ. මගේ ලැප් එකට system requirement ඔක්කොම හරි. (ssd එක 120 GB සහ RAM 8 GB.) එකම අවුල වින්ඩෝස් 11 ඉඳන් ආපහු වින්ඩෝස් 10 වලට යන්න දීල තියෙන දවස් 10ක නිදහස් කාල සීමාව පැනල ආපහු වින්ඩෝස් 10 වෙනත් drive එකකට (SSD එකට ) දාන්න යන වෙලාවට (windows 10 fresh installation විදියට) දින 10කට කලින් මැෂින් එකට වින්ඩෝස් 11 දාල තිබුන නිසා මට දැන් වින්ඩෝස් 10 දාන්න දෙන එකක් නැද්ද කියන එකයි.

වින්ඩෝස් 11 වල bugs තියෙයිද, දැන් තරම් smooth වැඩ කරයිද, ලෙඩ දෙයිද, නිතර නිතර updates දාන කරදරේ එයිද කියන් ඒව තමයි වින්ඩෝස් 11 වලම නවතින්න බය කාරණා. මොකද දැන් electricity, ඩේටා කියන්නෙත් luxury දෙයක්නෙ :blush:

11 තියෙන drive එක full format කරලා ඔයා 10එක දානවා නම් ඔයාගේ 10 එක activate වෙනවා. හැබැයි ඔයා 11 එකත් තියාගෙන ssd එකට 10 දානවා නම් දාන්න දෙනවා no issue… but ඔයාගේ ඒ ssd එකට දාන 10 එක activate වෙන්නේ නෑ… එක්කෝ crk නැත්නම් oem key එකක් හරි අරන් act. කරගන්න.

1 Like

එහෙම එකක් නම් නැහැ… අලුත් OS එකකට යන්න බය වෙන්න එපා, මමත් Windows 11 කිසිම අවුලක් නැහැ.

මම හිතන්නේ පුළුවන්, මොකද මම Windows 10 activate වෙලා තියෙද්දී HDD එක SSD එකකට මාරු කරා. ඒක activate නුත් උනා.

ඔක්කොටම කලින් ඔයා Digital license එක Microsoft account එකට ලින්ක් කරන්න ඕන. එක කරන හැටි උඩ page එකේ තියෙනව.

image

ඊට පස්සේ troubleshooter එක run කරන license එක retrieve කරන්න පුළුවන්. (ඔක්කොම උඩ page එකේ කරන හැටි තියෙනවා) ඒ වගේම ඔයා දාන windows edition එක දැන් තියෙන windows edition එකත් එක්ක සමාන වෙන්නත් ඕන.

1 Like

මෙයා කරන්න යන්නේ 11 එකත් තියාගෙන 10 එක වෙන drive එකකට දාන්න එතකොට 11 එක activate වෙලා තියෙද්දි 10 එක activate වෙන්නේ නැහැ… :slightly_smiling_face:

නෑ ඉතින් කොහොමත් machine එකේ run කරන්න පුළුවන් ඔය දෙකෙන් එක choice එකක් විතරයි නේ. (old 10, new 11 or new 10) ඒක activate වේවි. :melting_face:

HDD එකේ windows 10 එක windows 11 කරලා අයෙ SSD එකට windows 10 දාල ඒක use කරනවා,
HDD එකේ windows 10 එක delete කරලා SSD එකට windows 10 දාල ඒක use කරනවා.
(දෙකම ටිකක්එ එක වගේ නේ)

1 Like

OS 3ක්-4ක් එක machine එකක install කරන්න පුලුවන්.

1 Like

Virtual machines widiyatada?

මෙයා එහෙම එකකට නෙමෙ එන්න හදන්නේ (මම හිතන විදියට) මෙයාට ඕන HDD එකකින් SSD එකකට මාරු වෙන්න. එකට පොඩ්ඩක් Windows 11 දිහා බලල (කොමත් storage එක මාරු වෙනවා නේ) ඊට පස්සේ අලුතින් ගන්න SSD එකට අයෙ windows 10 දාන්න. මම නම් කියන්නේ එයා windows 11 දාද්දි එයාගේ account එකට ලොග් නොවී ඉදල පස්සේ 10 දාද්දි license එක activate කර ගත්තනම් හරි. කොහොමත් එක license එකකින් ඔය ඔක්කොම activate කරන්න බැහැ නේ, ඉතින් එයාට එක choice එකක් ගන්නම වෙනවා. ඊට පස්සේ අවුලක් නැතුව ඒක activate කර ගන්න පුළුවන්.

1 Like

Dual-boot.

1 Like

:+1:t2:

ඔව් එහෙමනම්, HDD එකේ තියෙන 11 ෆුල් format එකක් දීලා SSD එකට 10 දාන්න ඒක activate වෙනවා no issue… @DonP හැබැයි HDD එකේ තියෙන 11 එක තියෙද්දී දාන්න නම් යන්න එපා. එහෙම උනොත් activate වෙන්නේ නැති වෙයි

2 Likes

පරිස්සමෙන් කරන්න ඕන ඉතින් එක පාරක් license එක ලස්සනට මාරු වේවි, හැබැයි OS දෙක තුනක් තියාගෙන license මාරු කර කර ඉදියොත් ඉතින් වැඩේ අල වේවි.

crack කරන අපිට ඔය activation සීන් නෑ නේ. :smiling_face_with_tear: අනේ මන්ද එහෙම හොදයි ද කියල.

2 Likes

අවුලක් නෑ නේ ඉතින්… windows 11 activate කරන්න යන්න එපා, ඒක කොහොමත් ඔයා delete කරනවා කියල කියල තියෙනව නේ. (windows 11 වලදී MS Account එකට ලොග් වෙන්න එපා)

2 Likes

මගේ ප්‍රශ්නයට උත්තර දුන්නු, මගේ ඔලුවට අයිඩියා ලබා දුන්නු Sahiru Meraj, Nelitha Vindinu ඔබ දෙදෙනාට බොහෝම ස්තුතියි.
මම වැඩේ කරගත්තා. කරපු දේවල් ටික මෙහෙමයි. මේ ටික තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.

  1. මුලින්ම මහේ හාඩ් එකේ ඔරිජිනලි ආව windows 10 Home එක මම Pro Key එකකින් upgrade කලා.
  2. ඊට පස්සෙ හාඩ් එකේ වින්ඩෝස් 10, වින්ඩොව්ස් 11 වලට අප්ග්‍රේඩ් කලා. මගේ ලැප් එක ඒකට qualified වෙලා තිබුන කියල මම දන්නවානෙ
  3. සති 2ක් වින්ඩෝස් 11 experience කලා. හැබැයි ආපහු වින්ඩෝස් 10 වලට roll back කරන්න හිතුනෙ නෑ.
  4. ඊට පස්සෙ අලුතින් SSD එකක් අරං , ලැප් එකට දාල, හාඩ් එක unplug කරල, SSD එකට වින්ඩෝස් 11 ම fresh install කලා.
  5. boot වෙනකොට මගේ microsoft account එකෙන්ම logging වුනා. digital license එකෙන් activate වුනා. නමුත් වින්ඩෝස් 11 pro නෙවෙයි home එකට. හේතුව මම වින්ඩෝස් 10, වින්ඩෝස් 11 වලට upgrade කලේ upgrade key එකකින් නිසා කියලයි හිතන්නෙ. ssd එකට win11 home දාල, ඊට පස්සෙ win11 upgrade key එකක් දැම්ම නං හරියන්න තිබුනා කියලයි හිතන්නේ.
  6. අන්තිමට hard එක plug කරල full format කලා.
    දැන් තත්පර 2න් වින්ඩොව්ස් 11 boot වෙනවා. දැනට සතියක් හොඳින්ම වැඩ.
    නැවත වරක් ස්තුතියි උදව් කල හැමෝටම. මේ තොරතුරුත් මම වගේම උදව් අවශ්‍ය කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා
3 Likes