Windows 10 vs Windows 11

මෙතුවක් කල් පාවිච්චි කරපු operating systems වලින් හොඳම එක මොකක්ද ? Windows 10 ද , නැත්නම් Windows 11 ද ?

Windows 10 එක දැන් stable නිසා සේප් එකේ පාවිච්චි කරන්න පුළුවන්. Windows 11 එක තාම develope වෙන නිසා ප්‍රශ්න ටිකක් තියෙනවා. OS දෙකම පාවිච්චි කරන කෙනෙක් විදිහට මට නම් windows 10 තමා හරි ගියේ.

Windows 11 22H2 ; 2023 update එක ඔයා දාගත්තද ? ඒක හරියට optimize කරලද තියෙන්නෙ ? නැත්නම් ඒකෙත් තාම bugs තියෙනවද ?

මට නම් UI වල වෙනසක් විතරයි තේරිලා තියෙන්නේ. දැන් අවුරුදු එකහමාරක් විත​ර MacOS නිසා හරියටම කියන්න බෑ කොහොමද කියලා.

PC එකේ perfomance වල අවුලක් නැද්ද ඔයාට ? ඒ කියන්නෙ , එකම PC එකේ windows 10 run කරන කොටයි , windows 11 run කරන කොටයි වෙනසක් තේරෙන්නෙ නැද්ද ?

ඔව් මං දාලා තියෙන්නෙ අලුත් අප්ඩේට් එක. ඒකෙ නම් කලින් එකට වඩා ස්මූත් එකක් තියෙනවා. ඒත් සමහර වෙලාවට සමහර ෆන්ශන් හරියට වැඩ නෑ. උදා: wifi ඔන් වෙන්නෙ නෑ සමහර වෙලාවට. Explorer එක ස්ටක් වෙන ප්‍රශ්න සමහර වෙලාවට එනවා

Performance අතින් නම් windows 10 එක ඉස්සරහින් ඉන්නවා කියලා මට දැනෙන්නෙ. ගේමින් වලදිත් fps අඩු වෙන වෙලාවල් තිබ්බා windows 11 එකේ.

2%-3% ක විතර performance hit එකක් තියෙනවා Windows 11 වලදී, අලුත් OS එකක් විදියට ඒක සාමාන්‍යයි. හැබැයි පොඩ්ඩක් පරණ machine වල නං ටිකක් විතර දැනෙන්න performance drop එකක් තියෙනවා. ඒ ඇරෙන්න UI එක වෙනස්. එච්චරයි. හැබයි ඉස්සරහට 11 එක තමා ඉතින්.

මාත් දැණ් windows 11 වලට මාරු වුණා. අනිත් ඒව ඔක්කොම එහෙමම තියෙද්දි boot time එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. කලින් නම් windows 10 වලදි boot වෙන්න ගියේ තප්පර පහක් උනාට windows 11 දැම්මට පස්සෙ ඒක දැන් තප්පර 15 - 20 ඇතුලත යනවා. මුලදි ට වඩා දැන් නම් ගොඩක් හොඳ බව කියන්න ඕන හැබැයි. ඉස්සර නම් ඇප් කීපයක් එකසැරේ ඕපන් කරලා තියං ඉන්නකොට රැම් එක ඕවලෝඩ් වෙනවා , ඇප්ස් එකපාරින් ක්ලෝස් වෙනවා වගේ දේවල් වුණා. ඒත් දැන් නම් ඒවා බොහෝ දුරට අඩුයි. කොහොමත් මට හිතෙන විදිහට ඉස්සරහට මේටික හරි යයි.


මේකෙ උඩ එකේ තියෙන්නෙ Windows 10 තියෙන කාලෙ මගේ ලැප් එකේ boot time record එක සහ යට එකේ තියෙන්නෙ Windows 11 වලදි මගේ boot time record එක

මගේ නං කියන්න සතුටුයි ඔකේ අනිත් පැත්ත. 2013 manufacture කරපු laptop එකක… :slightly_smiling_face:

අනිත් පැත්ත කියලා අදහස් කලේ මොකක්ද ? Jet Speed ද ඔයාගෙ එකෙ ?

හෙහෙ , මගෙ වැරදි වැටහීමක් මෙක. දෙවෙනි පාර Boot time එක windows 11 වලදි තමයි. ඒත් එච්චර ගිහින් තියෙන්නෙ ඒ වෙලාවෙ අප්ඩේට් එකක් ගියපු නිසා කියලා logs පෙන්නුවා පස්සෙ. දැන් නම් අවුලක් නෑ , තප්පර 7න් boot වෙනවා.