Windows 10 විකිණීම මේ මාසයෙන් අවසන් කිරීමට microsoft තීරණය කරයි. 😕

Microsoft සමාගම තමන්ගේ Windows 10 Home and Pro මෙහෙයුම් පද්ධතිය මේ මාසය අවසානයෙන් පසු download කිරීම සහ විකීණීම අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ජනවාරි 31න් පසු ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා windows 10 මිළදී ගැනීමට හෝ iso ගොනු බාගත කිරීමට ඇති හැකියාව අහිමි වී යනු ඇත. කෙසේ නමුත් තවත් වසර දෙකක් දක්වා windows 10 සදහා security updates ලබා දීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත. Windows 10 මෙහෙයුම් පද්ධතිය 2024 October 14 දිනෙන් පසු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටද ඔවුන් තීරණය කර ඇත. Microsoft සමාගම 2015 වසරේදී windows 10 නිකුත් කරන්නේ නැවත කිසිදු මෙහෙයුම් පද්ධතියක් එළි නොදක්වන බවට නිවේදනය කරමින් වූවත් පසුගිය වසරේදී windows 11 නිකුත් කිරීමත් සමග එම ප්‍රකාශය අවලංගු විය. මේ මාසයේදී microsoft සමාගමේම මෙහෙයුම් පද්ධති තුනක් වන Windows 7 , Windows 8 , Windows 8.1 මෙහෙයුම් පද්ධතියන්ද ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.

භාවිතයෙන් ඉවත් කරන මෙහෙයුම් පද්ධතියක් තව දුරටත් භාවිතා කිරීම ගැන ඔබේ අදහස හැමෝම එක්ක පහතින් බෙදාගන්න.

ජය වේවා - හේෂ්.