Whatsapp අලුත් වැඩ කෑලී ගැන කලින්ම දැනගමු

සෙට් එකටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම්. කට්ටිය දන්නවා ඇති whatsapp ලගෙ තියෙනවා whatsapp beta program කියලා පොඩි වැඩසටහනක්. Whatsapp විතරක් නෙවේ ගොඩක් ඇප්ලිකේශන් වලට මේ වැඩ සටහන තියෙනවා. කොටින්ම කීවොත් windows os එකට පවා insiders program කියලා එකක් තියෙනවා. මේකෙදි වෙන්නෙ අදාළ මෘදුකාංගයට ඉදිරියේදී ඉදිරිපත් කරන අලුත් විශේෂාංග ( new features ) කලින්ම තෝරාගත් පිරිසකට ලබා දීම. එහෙම දීලා ඒ විශේෂාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න එක තමා මේ වැඩසටහනේ අරමුණ. යම්කිසි විදිහකින් ඒ විශේෂාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම් ඒගැන beta program එකේ ඉන්න සාමාජිකයෝ ලබා දෙන විස්තර අනුව පරීක්ශා කරලා අවසානයේ ඒ විශේෂාංගය සෑම පරිශීලකයෙක්ටම ලබා දෙන්න තමා මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතින් මේක කියවන ඔයාටත් ඕනෙ නම් මේ වැඩසහටනට එකතු වෙන්න පල්ලෙහා තීන ලික්න්ක් එකෙන් ජොයින් වෙන්න පුළුවන්. හැබැයි ගන්නෙ සීමිත පිරිසක් නිසා සමහර විට ඒ අවස්ථාව ඔයාට නොලැබෙන්නත් පුළුවන්. තව දෙයක් මේ වැඩ සටහනට එකතු උනාම whatsapp ඇප් එකට එම අප්ඩේට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න.

1 Like

කැමති අය මෙතනින් ගිහින් join වෙන්න.

https://play.google.com/apps/testing/com.whatsapp

1 Like

Nice article. Digatama liyanna.

2 Likes

ඉදිරියේදී whatsapp තුළ video කිරීම සදහා ශටර් බටන් එක ඔබාගෙන සිටීමට අවශ්‍යය වන්නෙ නැත. ඒ වෙනුවට වෙනම ටැබ් එකක් ලබා දී ඇත.

1 Like

ස්ටේටස් සදහා voice clip යොදාගැනීමට හැකියාව ලබා දී ඇත.

1 Like