Welcome to Android වැඩකාරයෝ Forum

:loudspeaker: Android වැඩකාරයෝ Forum එකත් එක්ක එකතු උන ඔයාව සාදරයෙන් පිලිගන්නවා.

අපි මීට කලින් Community එක විදිහට පවත්වාගෙන ගියපු forum එක මුලුමනිනම් නවත්තලා අලුතෙන්ම මේ forum එක පටං ගන්න තීරණය කලා. ඒ තීරණයත් එක්ක අපි කලින් තිබ්බ forum එකේ කිසිම දෙයක් මේ forum එකට අරගෙන එන්නේ නෑ කියන එකත් තීරණය කරා. ඒකට හේතුව උනේ migrate කරන්න පුලුවන් උනත් අපි ඒ වෙනකොට පාවිච්චි කරපු platform එකේ latestම update එක දාල තිබ්බ නිසා database එකේ major changes වගයක් වෙලා තියෙනවා. ඉතිං ඒකට වැඩිය මහන්සි නොවී ඒක එහෙම්මම අයින් කරලා මේ forum එක හැදුවා. මේක ලියන වෙලාවෙත් පරණ එක වැඩ කරනවා. ඒත් සමහර විට ඔයා මේක දකිනකොට ඒ forum එක අපි scrap කරලා තියෙන්න පුළුවන්.

:warning: Forum එකේදි පිලිපදින්න ඕන Community guidelines.

:thinking: මේක ටෙක් වලට විතරද?

අනේ නෑ, ඔයාලටඕන දෙයක් ගැන කතා කරන්න පුළුවන්. සමහර විට ඔයාලට ඕන කරන කැටගරි එක නැත්තම් පල්ලෙහා තියෙන post එකෙන් request කරන්න.

:eyes: අළුත් forum එක හැදුවේ මොකෙන්ද?

අපි කලින් forum එක හදලා තිබ්බේ Flarum කියන opensourse platform එක use කරලා. UI/UX හොඳ උනත් පාවිච්චි කරගෙන යනකොට තමයි තේරුණේ ඒකේ තියෙන limitations මොනවද කියල. ඉතිං අපි තීරණය කරා, Discourse කියන opensourse platform එක use කරන්න. ඔයාලත් කැමති නම් මේ වගේ forum එකක් හදන්න, කියන්න අපිට. පොඩි මුදලක් අය කරලා හදලා දෙන්නම්. Maintain කරගෙන යන හැටිත් කියල දෙන්නම්.

:shopping_cart: අපි මේකට market place එකකුත් දෙනවා.

ඉස්සරහට යනකොට ඔයාලට ඔයාලගේ web dev, app dev, සහ අනිත් ඕනෑම නීත්‍යානුකූල සර්විස් එකක් එතනදි ලබා දෙන්න සහ ලබා ගන්න පුළුවන් වෙයි. අපි වෙනම​ම user group එකක් හදලා අපි ඒකෙන් ඔයාලට recognition එකක් දෙනවා trust level එකක් එක්කම.

මේක තව ඉස්සරහට අප්ඩේට් වෙයි… ඒක නිසා අපිත් එක්ක සෙට් වෙන්න.

17 Likes

ඇප් එකක් තියනවද මේකේ?

2 Likes

:+1:තැන්ක්ස්