Trial Reset for Almost any Program 🤘

අද පොඩි දෙයක් හම්බ උනා. (සමහරු නම් දන්නවත් ඇති) එක පොඩි program එකක් තියෙනව ඒකට පුළුවන් තවත් program එකක් specific date එකකට run කරන්න, ඒ කියන්නේ නැත්තටම අද 9 වෙනිදා නම් අපිට අපේ PC එකේ තියෙන program එකක් 7 වෙනිදට run කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි program එක run කරේ 9 වෙනිදා ඒත් ඒ app එක හිතන් ඉන්නේ අද 7 වෙනිදා කියල. මේක ඇත්තටම වෙන දෙයකට තියෙන එකක්. එත් මට meter උනා “සමහරවිට” මේකෙන් software වල trial එක unlimited කරගන්න පුළුවන් වේවි කියල. (app වලට බොරු දින පෙන්නල) කරලා බැලුව, වැඩේ හරි ගියා. මෙහෙමයි හැම එකකටමත් හරි යන්නේ නැහැ හැබැයි.

මම ඇත්තටම මේකට යොදා ගත්තේ BluetoothBatteryMonitor කියන app එක, මොකද එකේ දවස් 7ක trial එකක් විතරයි දෙන්නේ ලගදි ඒක expire උනා, හරි හමන් crack එකක් තිබුනෙත් නැහැ ඒකට.

මුලින්ම ඔය ලින්ක් එකෙන් RunAsDate download කර ගන්න. ඊට පස්සේ ඒක run කරන්න. (වැඩේ හරි යන්අනේ නැත්නම් විතරක් run as administrator දෙන්න, හැම තිස්සෙම administrator privileges දෙන්නත් එපා) ඊට පස්අසේ පිට කැමති program එක browse කරන්න ඕන. ඊට පස්සේ අපිට app එක run කරන්න ඕන date/time එක දෙන්න පුළුවන්.

image

ඊටත් පස්සේ කැමතිනම් මෙතැනින්ම program එක run කරන්නත් පුළුවන්. මම නම් කියන්නේ කැමති නමක් දීල desktop shortcut එකක් හදා ගන්න. (ඒක ටස් ගාල desktop එකට යනවා) ඊට පස්සේ හැම වෙලාවටම අර program එක run කරන්න ඕන අර desktop shortcut එකෙන්. (normal app එකකට නම් ඔච්චරයි, පල්ලෙහා තියෙන්නේ Windows එක්ක auto ස්ටාර්ට් වෙන startup app වලට ඔය shortcut එක හදා ගන්න විදිය)

ඉතින් ඇත්තටම මම ඕක use කරා කියපු software එක windows startup එකේදිම run කරන එකක්, එක නිසා මම ඔය shortcut එක startup එකේදිම executable වෙන විදිටට හදන්නත් එපැයි. ඉතින් මම කරේ මුලින්ම original application එකේ .exe file එක startup වෙන එකෙන් නැවැත්තුවා. ඊට පස්සේ අර මම හදා ගනිපු shortcut එක startup එකේ දී auto run වෙන විදියට හැදුවා. එකට කරන්න තියෙන්නේ අර desktop එකට ගත්ත shortcut එකේ copy එකක් startup කියන folder එකට paste කරන එක විතරයි.

එකට කරන්න තියෙන්නේ run එකේ ඔය විදියට type කරලා ඊට පස්සේ එන folder එකට අර shortcut එක paste කරන එක විතරයි. (මම ඇත්තටම IDM එකත් මෙතන දාල තියෙනව, ඒක නිකන් experiment එකක් විතරයි. හරියට වැඩ කරයි කියල sure එකක් නම් නෑ. හැබැයි අනිත් එක නම් සුපිරියටම වැඩ.) IDM trial එකටත් බෙහෙත් තියෙනව, ඒ වගේම ඒක 100% වැඩ.

අර shortcut එක startup folder එකට දැම්මට පස්සේ ඒ ටික ඉබේම task manager එකේ startup ලිස්ට් එකට යනවා. (RunAsDate එක) ඊට පස්සේ කරන්න තියෙන්නේ අර original application එකේ startup file (මට අනුව නම් IDM එකෙයි BluetoothBatteryMonitor එකෙයි) එක disable කරන එක විතරයි. (අයෙ කියන්නේ IDM එක experiment එකක් විතරයි එකට sure-shot ඕන නම් ඔන්න බෙහෙත)

පේනවා ඇති මම කියපු app එක දැන් සතියක් පන්නලත් කිසිම warning එකක් නැතුව ලස්සනට වැඩ කරනවා. (දකුණු පැත්තේ කොන)

ඉතින් ඔන්න ඔහොමයි මම මගේ දැවී දැවී තිබුන ප්‍රශ්නේ විසද ගත්තේ. ආයෙ crack හොයන්නේ නෑ මේ app එකට නම්. තවත් කෙනෙක්ට උදවුවක් වේවි කියල හිතල තමයි දැම්මේ… :slightly_smiling_face:

10 Likes

සදා ට්‍රයල්ම තමා :joy::muscle:

1 Like

මුන් trial දෙන එක නවත්තයි ද දන්නේ නෑ හැබැයි :roll_eyes: :grimacing:

image

1 Like