කොහොමද හොල්මනක් හරියට වලාකුළු උඩට දාන්නේ?

වසර ගානක සිට blog අඩවියේ යක්ෂයා විදියට Wordpress ඉදිරියෙන් සිටිනවා.නමුත් දැන් කාලය හරි හොල්මනකට එය බාර දෙන්න .මෙහෙම පටන්ගන්න හේතුව මම වසරක පමණ කලක සිට බ්ලොග් සදහා Wordpress බාවිතා කලෙමි. මෙය වෙනස් කිරීමට කාලය ලෙස හැගුනේ ghost හදුනාගත් දා පටන් ය. Wordpress සතුව විශේෂාංග රාශියක් සහ පුළුල් පරාසයක විසිරි පැතිරී විහිදුනු plugin පද්දතියක් ඇති අතර මම එයින් ප්‍රයෝජනයට නොගත් බොහෝ දේ තිබිණි.මම self hosting විකල්පයන්ට කැමති අයෙක් වෙමි.Ghost මෑතකදී ඔවුන්ගේ අනුවාදය 5.24.2 වෙත යාවත්කාලීන කරන ලද අතර ඔවුන් අප වෙනුවෙන් එය self hosted මෙන්ම Pro අනුවාදයක් ඉදිරිපත් කරයි. විශේෂාංග බ්ලොග, පුවත් පත්‍රිකා, පොඩ්කාස්ට් සහ ඒ හා සමානව දැඩි ලෙස අවධානය යොමු කර ඇත, එබැවින් එය විශිෂ්ට ලෙස ම අපට ගැලපේ. Wordpress හා සසඳන විට Ghost සමඟ හැසිරවීමට plugin නොමැත.ඒ නිසාම කළමනා කරන කටයුතු ගැන ලොකු අවදානයක් යොමු කරන්න අවශ්‍ය නොමැතිකම විශාල හිසරදයක් අපෙන් Ghost නිදහස් කරනවා.

Ghost ස්ථාපනය ඇති උන ප්‍රශ්න ඒවා විසදගත්ත විදිය. ගැන @thimiraonline , @kanishka.bodaragama අයියට වද දුන්න විදිය ගැන පස්සේ කතා කරමු. මොකද අද Cut Off Marks ඇවිත් මට NOT SELECTED ආපු නිසා මම යනවා කලින් නිදාගෙන හීනෙන් Ugc එක hack කරන්න.

9 Likes