ලැප්ටොප් ස්ක්‍රීන් ඕෆ් වෙනවා

මගේ ලැප් එක දැන් සතියක විතර ඉඳන් ලෙඩ දෙනවා.ඒක Asus X 509JA/ i3 10th gen ekak. boot drive eka PNY PCIe NVMe 256GB එකක්. ෆ්‍යිල්ස් තියෙන්නෙ හාඩ් එකක. ලෙඩේ තමයි, මැශින් එක ඔන් කරල මුකුත් කී ප්‍රෙස් නොකර විනාඩි 10 විතර ගියාම ස්ක්‍රීන් ඕෆ් වුනාට පස්සෙ ආපහු ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ, ඊට පස්සෙ ෂට්ඩවුන් කරන්න බෑ. පවර් කී එක ඔබාගෙන ඉන්න වෙනවා. Os එක windows 11 තියෙද්දි තමයි මුලින්ම් ලෙඩේ ආවෙ. Ssd එක අලුත් සති2යි අරං. ඊට පස්සෙ ඕඑස් එක හාඩ් එකට දාලත් බැලුවා ඒත් ලෙඩේ එනවා. Ssdඑක ගලවලා අයින් කරලත් බැලුවා ඒත් එහෙමමයි. මේක බෝඩ් එකේ ලෙඩක්ද? වින්ඩෝස් 10 වලට මාරු වෙලත් බැලුවා ඒත් හරියන්නෙ නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්? රෙපයාර් කරන්න වෙයිද? කරුණාකරල උත්තරයක් දෙන්න