Moto 360 Smart Watch Android WatchOS Not Responding

Moto 360 Smart Watch එකේ Android OS එක හැමවෙලේම Not responding වෙනවා. Phone එකත් එක්කත් connect කරන්න බැහැ. Settings වලට යන්නත් බැරි හින්දා… charge කරද්දී Dock Screen එක නම් එනවා. මේ watch එක වෙන විදියකින් rest කරන්න ක්‍රමයක් දන්නවාද?

1 Like

මුලින්ම කියන්න ඕන DO AT YOUR OWN RISK…!

මුලින්ම power button දිගටම ඔබන් ඉන්න (Watch එක force off වෙනකන් ම). ඊට පස්සේ power button එක අත ඇරලා ආයෙ watchඑක තුන් පාරක් vibrate වෙනකන් power button එක ඔබන් ඉන්න. ඊට පස්සේ watch එකේ boot menu එක load වෙනවා. ඊට පස්සේ එකේ recovery mode එක highlight කරන්න (power button short press), ඊට පස්සේ එක select කරන්න (power button long press). ඊට පස්සේ android බබා ගේ ලෝගෝ එක අවම power එක 1-2sec press කරන් ඉන්න. ඊට පස්සේ එන menu එකෙන් wipe data/factory reset highlight කරන්න (screen එක swipe කරලා) ඊට පස්සේ power key එකෙන් එක select කරලා (long press) අයේ එන menu එකෙන් yes දෙන්න. (කලින් විදියටම කරලා) ඊට පස්සේ එන menu එකෙන් system එක reboot කරන්න. දැන් හරි… :wink:

සමහර විට ඔකේ තියෙන OS එකේ version එක අනුව ඔය වචන පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් ලගින් යන එකක් දෙන එක තමයි කරන්න වෙන්නේ.