How to downgrade from Android 12 back to Android 11!

මට තියන්නේ Samsung Galaxy A03s Phone එකක්.ඉතින් Android 12 Update එක එන්නවා කියලා ලිස්ට් එකේ දාලා තිබ්බේ 2022 ජූලී මසේ වෙනකොට වගේ.ඉතින් කියපු විදිහට Android 12 Update එක ආවා…මන් Update කරා …දැන් තින ප්‍රශ්න තමා ඉස්සරට වඩා පෝන් එක මාරම Lag…ඒ මදිවට චාජ් වෙන්නේ මාර හිමීට.දවස් එකකුයි තව දවස් බාගෙකුයි යනවා 100% වෙන්න.මට Lag එකට වඩා චාජින් Speed එක අඩූන එක මාර ප්‍රශ්නයක් .Android 11 එක තිබ්බ කාලේ පැය දෙකකින් වගේ 95% වගේ චාජ් වෙනවා…ඉතින් මට හිතෙනවා ආයේ Android 11 වලටම යන්න…Android 12 UI එක කොච්චර ලස්සනට තිබ්බත් වැඩක් නෑ පෝන් එකෙන් මට අවශ්‍ය දේවල් කරගන බැරිනම්…Computer එකක් උනානම් මම මෙලහකටත් වෙන Windows එකක් දාලා…එත් මේක ෆෝන් එකක් නිසා මට ඔනවිදිහට OS මාරුකරන්න බෑ…ඒත් මට අයේ පරන Android 11 යන්න ඔනේ…චාජින් Speed එක අඩූන එක සිද්ද උනේ අප්ඩේට් එකෙන් පස්සේ…චාජරේ අවුලක් වෙන්න බෑ මම හැමදා චාජ් කරන්නේ එකම
ෆෝන් එකට ආපූ චාජින් ඇඩැප්ටර් එකෙන්…චාජින් පෝට් එක සුද්දකරලත් බැලුවා හරියන්නෑ…වෙන ඇඩැප්ටර් එකකට ගහලා බැලුවා ඒ හරියන්නෙත් නෑ…හැබැයි කොහොමහරි චාජ් උනොත් සාමාන්‍ය විදිහට තමා බැටරි බහින්නේ…

ඉතින් මේ අයේ Android 11 දාගන්නේ කොහ්මද ,කරන්න පුලුවන්ද root නොකර…කරොත් මොනාද මට වෙන අවාසි…කරන්න පුලුවන්නම් එක කරන්නේ කොහොමද, ගැන මට මේ ගැන දන්න අයගෙන් විස්තර ටිකක් දැනගන්න ඔනේ.මම තනියම හිතුමතේට මේ OS මාරු කිරීමට යන්න කලින් දන්න කට්ටියගෙන් අදහස් අහලා බලන්න කියලා හිතුනා දන්න කෙනෙක් උත්තරයක් දාගෙන යන්න …

Mew tery krl blnn

1 Like

මම ඇත්තටම Android OS එක lower version එකකට undo කරන්න දන්නේ නැහැ (google කරලා හොයා ගන්න බැරි කමක් නැහැ ඉතින්) එත් මම ඔයා උනා නම් කරන්නේ ඔය update එක stable වෙනකන් මාසයක් විතර බලන් ඉදල හරි ගියේ නැතනම් කෝමහරි OS එක මාරු කරන එක. අන්න එතනදී මම දන්නවද නැද්ද කියල බලන්නේ නැහැ කොහොමහරි කරගන්නවා. එත් දැනට මම නම් කියන්නේ හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉවසන්න. (හැබැයි ඉතින් කොච්චර කරත් OS එක update වෙද්දී Mid-Range phone වල performance අඩු වෙනවා පොඩ්ඩක් හරි, ඒක ඉතින් නවත්තන්න බැහැ)

1 Like

ඔව් එකපාර Os එක මාරු කරන්නැතුව ඉන්න කියලා හිතුවෙ…සති තුනක් විතර දැන් මේක සිද්ද වෙලා …play store එකෙන් හම්බුනා Fast charging Pro කියලා ඇප් එකක් …එකේ rating 4.5 වටා තිබ්බා…රේටින් දාද්දී පොඩි හරි සටහනක් දානවනේ ඇප් එක පාවිච්චි කරා අය…ඉතින් ඒවා කියවද්දී මට හම්බුනා මගේ ප්‍රශ්නෙම තියන තවත් අය Fast charging Pro කියන ඇප් එක නිසා 60%-80% වගේ තමන්ගේ ප්‍රශ්නේ යම්තාක් දුරට විසදුනා කියලා…එගොල්ලෝ ගොඩක් කියලා තිබ්බේ 12 එකට අප්ඩේට් උනාට පස්සේ මේක උනා කියලා…දැනට මේ ඇප් එකෙන් මට වැඩක් කරගන්න පුලුවම් කියලා හිතෙනවා …15% තිබ්බ බැටරි ප්‍රසන්ට් එක පැය 7 වගේ 75% වගේ ගිහින් තිබ්බා ඇප් එක රන් කරලා චාජ් කරාම. …වෙනදට 40% වගේ තමයි ඔය වේලාවට යන්නේ…බලමු ඉස්සරහට අප්ඩේට් එකකකින් වත් මේක හදයිද කියලා…ඩිවලප ඔප්ශන් වලින් ෆෝන් එකේ ඇප් ඇප් අතර මාරුවෙනකොට තියන ඇනිමේශන් වගේ ගොඩක් දේවල් නවත්තලා දැමා…බලමු තව ටිකකාලයක්…තාවකාලිකව හරි ප්‍රශ්නේ විදුනානේ…පහල දාලා තියන්නේ ඒ ඇප් එක
image

2 Likes

Midrange Devices වල OS Upgrade එකකට පස්සෙ Charging අව්ල් යන එකනම් සාමාන්‍ය දෙයක්.Battery calibration වල අව්ලක් ඕක. OS Downgrade කරන්න යන්න කලින් Boot option වලට ගිහින් Cache partition එක clear කරල බලන්න.ඊටත් වඩා හොඳයි පුළුවන් නම් වැදගත් Data Backup කරගෙන Phone එක Factory reset කරන්න.

සමහරවිට Charger/Cable එකේ අව්ලක් වෙන්න පුළුවන්.නැත්නම් Charging IC එක ගිහින් ඇති.:neutral_face:

1 Like

Mokk hari cloud ekk ta backup karala,phone ek reset krnna