Thor
(Thor Odinson)
#1
පිටරට චිත්රපට කොච්චර හොද උනත් එව්වා ප්රමෝට් කරන්න කොච්චර අය ඉදියත් අපේ දේ රැක ගන්න ඒවාට උදවු කරන්න ඒවා ප්රමෝට් කරන්න ඉන්නෙ අපි විතරයි .
ඉතින් එන්න අපේ දේවල් බලන්න අපේ දේවල් අගයන්න , විවේචනය කරන්න , ගරහන්න
මේ Helawood Mega Thread
මුලින්ම ලංකාවෙ පලවෙනි 3D ෆිලුම
ගජමෑන්
සුනිල් පෙරේරා චූටි මල්ලී පොඩි මල්ලී ඇතුළු ශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය වන මේක චානක පෙරේරා මහතාගේ අධ්යක්ෂණයක්
ටේලරේ පහතින්
Thor
(Thor Odinson)
#2
ඊලඟට
හෝගානා පොකුණ ඔබ වෙත ගෙන ආ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවන සිනමා කෘතිය
වෙඩි නොවදින ළමයි - Bulletproof Children
ටේලරේ පහතින්
Thor
(Thor Odinson)
#3
කවුරුත් දන්න සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මීලඟ සිනමා නිර්මාණය
සයිමන් නවගතේගමයන්ගේ කෘතියක් ඇසුරින්
හේමාල් , ජැක්සන් , රවීන් රංගනයෙන් දායකවන
ක්ෂීර සාගරය කැලඹිණ
ටේලරේ පහතින්