Forum එකට ලස්සන නමක් දාමුද?

@thimiraonline ඔබ ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි වැනි විවෘත මූලාශ්‍ර ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිවලට අදාළව හෝ ඊට සම්බන්ධව මෙම සංසදය පවත්වාගෙන යනවා නම් තිබෙන නම හොඳයි හෝ ජංගම මෙ.පද්. මූලික වූ නමක් යොදන්නත් පුළුවන්.

එනමුත් ඔබ සංසදයේ නම, ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ සංසදය ලෙස සිංහලෙන්ම ලියා තබනවා නම් වඩාත් හොඳයි සහ ලස්සනයි. අවශ්‍ය නම් forum යන කොටස forum.androidwedakarayo.com හි තිබෙනවනේ.
සෑම තැනම forum එක, movies ටික, අරක මේක ලෙස ලිවීම අශෝභනයි සහ සිංහල භාෂාවටත් හානියක්. එමෙන්ම ඔබගේ සංසදයේ ගුණාත්මකභාවයටත් එය සෘජුව බලපානවා. ඊට අමතරව පරිශීලකයින් පළ කරන ලිපි/ප්‍රශ්නවල මාතෘකාව ඔබට නැවත සංශෝධනය කරන්නත් පුළුවන්.

ස්තූතියි ඔබගේ යෝජනාවට.

අප විසින් මෙහිදී අපගේ පරිශීලකයන්ට තේරුම් ගත හැකි ආකාරයට සරල සිංහලෙන් සහ අදාල තාක්ෂණි​ක වචන අවබෝධ කර ගැනීමේ පහසුව තකා අවශ්‍ය ස්ථානයන්හිදී ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනු ලබනවා.

මෙහිදී අප ගුණාත්මක බව ලෙසින් සලකනු ලබන්නේ මේ හරහා අප පරිශීලකයන්ගේ ගැටළු නිවැරදි ආකාරයෙයෙන් විසදා ගැනීමට හැකි වීමයි.

අප විසින් මෙම forum එක නිර්මාණය කරනු ලැබ ඇත්තේ තාක්ෂණික කරුණු කතා කිරීමටම පමණක් නොවේ. ඕනෑම නීත්‍යානුකූල වන දෙයක් ගැන මෙහිදී සාකච්චා කිරීමට ඉඩ ප්‍රස්ථාවන් ඇත.

නැවත වරක් ඔබගේ අදහස් සහ යෝජනාවන් වලට ස්තූතියි Yalu.lk. අප සමඟ දිගටම රැදී සිටින්න.

අප විසින් මෙහිදී අපගේ පරිශීලකයන්ට තේරුම් ගත හැකි ආකාරයට සරල සිංහලෙන් සහ අදාල තාක්ෂණි​ක වචන අවබෝධ කර ගැනීමේ පහසුව තකා අවශ්‍ය ස්ථානයන්හිදී ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනු ලබනවා.

@thimiraonline නමුත් මෙය අනෙක් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී බොහෝ වෙනස් තත්වයක්. (එම රටවල් පවා මෙම තත්වයට සෙමින් යමින් පවතින්නේ) වසර ගණනාවකට ඉහතදී (ඔබ පැරණි දෑ අධ්‍යයනය කර බැලුවොත්) සියල්ලෝම ඉංග්‍රීසි බසින් හඳුන්වා දුන් තාක්ෂණික වචන සඳහා වැඩි වැඩියෙන් හෝ හැකි පමණින් සිංහල වචන භාවිතා කළා.
එනමුත් අද එය නැවතී වෙනස් අතකට හැරී තිබෙනවා. තාක්ෂණික වචන සඳහා පමණක් නොව සරල දෙයකටත් ඉංග්‍රීසි වචනය යොදා “එක” යෙදීම හෝ ඉංග්‍රීසි වචනම පමණක් භාවිතා කිරීම ඉතා සාමාන්‍ය සුලබ දෙයක් වෙලා. මෙය අවබෝධය පහසු කිරීමක් නොව සමාජය තුළ ප්‍රවර්ධනය කෙරෙන භාෂාවට / රටාවට සහයෝගය දීමක් සහ අන් අය එයට යොමු කරවීමක් පමණයි.
උදා: කාමරය, අල්මාරිය, බාල්දිය, පෑන, පැන්සල මෙවැනි මූලික වචනවල පවා දේශීය වචන අද කිසිවෙකු නොදන්නා තරම්. ලිපියකින්, පොතකින් ප්‍රචාරය කළත් භාවිතයට හුරු කරවීම ඉතා අපහසු හෝ අද තත්වයේ හැටියට කළ නොහැකි දෙයක්. ඉතින් ඔබ වැනි තාක්ෂණික ක්ෂේත්‍රය හරහා සමාජ කටයුතුවල නියැළෙන්නන්ට මේ පිළිබඳව සැලකිය යුතු වගකීමක් සහ යුතුකමක් තිබෙන බව මතක් කිරීමට කැමැත්තෙමි.

මෙහිදී අප ගුණාත්මක බව ලෙසින් සලකනු ලබන්නේ මේ හරහා අප පරිශීලකයන්ගේ ගැටළු නිවැරදි ආකාරයෙයෙන් විසදා ගැනීමට හැකි වීමයි.

එයට මෙයින් ගැටළුවක් නැහැ. (අවශ්‍ය නම් ඉංග්‍රීසි වචනය ද ඒ සමඟම යොදන්න පුළුවන්)

අප විසින් මෙම forum එක නිර්මාණය කරනු ලැබ ඇත්තේ තාක්ෂණික කරුණු කතා කිරීමටම පමණක් නොවේ. ඕනෑම නීත්‍යානුකූල වන දෙයක් ගැන මෙහිදී සාකච්චා කිරීමට ඉඩ ප්‍රස්ථාවන් ඇත.

එසේ නම්, ඒ ගැන නිරූපණය වන වඩා හොඳ නමක් සලකා බලන්න…

1 Like

ඒක අදහස් කරගෙන තමයි අපි මේ අලුත් නමක් බලන්නේ.

Techcommunity වගේ එකක් නරකටද domain එකට set කරන්නත් ලේසියි එකම අවුල දිග වැඩි වෙන එක

දැන් ආයෙම වෙනස් කරොත් වැඩේ බොක වෙනවා නේද

ඔව් හැබැයි අපිට පුළුවන් site morge කරන්න( :joy::broken_heart: අපිට පුලුවන් ඒකෙන් database එක double කරගන්න )

නම මාරු කරලා රිඩිරෙක්ශන් එකක් දැම්ම නම් හරි එක්කෝ. :grin:

forum.androidwedakarayo.com kiyana name eke personally mata prashna dekk penawa.

  1. eka parta aluthen dakina kenekta hitenne android walta specific community ekk kiyala.

  2. domain name eka diga wadi.

Habai name eka unique nisa eka advantage ekk.

Ma wage name tibbama domain ekk tibbot oni kenekta dala adahasak enawa domain eke tiyana content eka gana. Habai awla tiyenne etakota name eka unique naha. E wagema migrate karanat eka para lesi naha ne. Anika dan lankawe androidwadakarayo kiyana name eka recognized hinda domain eka change karana eka aprade.

E hinda mama nm hitanne ma tiyana widihatama name eka tibbanm hodai mokada disadvantages walta advantages tika kapenawa :sweat_smile:

Subdomain එකේ තියෙන්නෙත් forum කියල නිසා ඒ නම හොඳයි. Subdomain එකට, නම match වෙන්නත් ඕනි නේ.

ඒක තමා හොඳ

androidwedakarayo.forum එක ගන්න විදිහක් නෑ. ඒක $1000 පනිනවා renew වෙන්නෙත් $1000 පැනලා :sleepy:

2 Likes

ඔව් මමත් කියන්නේ ඒක domain එකත් දිගයිනේ subdomain ගැහුවාම :joy::broken_heart: type කරල එන කෙනෙක්ට මඤං වගේ

මම කිව්වේ වෙනම ගන්න නෙවෙයි techcommunity.androidwedakarayo.com කරන්න කියලා
( දිගයි හැබැයි )

discuss.androidwedakarayo.com
ask.androidwedakarayo.com
geekspot.androidwedakarayo.com (by @NelithaPriyawansha)

1 Like

ask

Sirawata math eka thamai mulin kiwwe :muscle:

ඔබතුමා කියන්නෙ අපි හාමුදුරුවන් සමග කතා කරන විදිහට යාලුවොත් එක්ක කතා කරන්න කියලද ?

ඔබට පහසු ආකාරයකට හෝ භාෂාවකින් පෞද්ගලිකව ඔබගේ යහළුවන් සමඟ කතා කරන්න පුළුවන්. නමුත් අඩුම තරමින් ලිපි පළ කිරීමේදී, ප්‍රසිද්ධියේ ප්‍රශ්න ඇසීමේදී ආදී බහුතරයකට හෝ සමාජයට නිරාවරණය වන අවස්ථාවන් වලදී වත් නියමානුකූලව පිළිවෙලට එක් භාෂාවක් හැසිරවිය යුතුයි නේද? එසේ කළහොත් යම් බලාපොරොත්තුවක් තබාගෙන මෙය ගොඩනගා ගත හැකියි.

දැනටමත් ඔබලාට සිංහල යැයි වත් පැවසීමට අකුරු වර්ගයක් (ලිවීමේ ක්‍රමයක්) පමණක් ඉතිරිව ඇති තත්වයකට පත්ව තිබෙන්නේ…