Facebook page Verification

Android වැඩ කාරයෝ අපේ බිස්නස් Page එකක් Verify කරන්න සමානයේන් මොනවගේ දෙවල්ද මුලින්ම කරන්න ඕන. Please Help :pleading_face:

1 Like

Samanayen apita 10k walin eahawath likes one neda. Company registration eakak thiyenawa nam lesi weida?

ඔබගේ profile එක හෝ business page එක Blue Badge verification එක ලබා ගැනීම සඳහා සුදානම් කරන්නේ කෙසේද?

අවාසනාවන්ත ලෙස මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි Facebook ආයතන මඟින් සෑම Facebook profile එකක්ම හෝ page එකක්ම verify කර ගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ.

Facebook ආයතනය විසින් ප්‍රකාශ කරන්නේ ඔබ අනිවාර්යෙන් verification එක ලබාගැනීම සඳහා පහත සඳහන් අවශ්‍යතාවන් සපුරාලිය යුතු බවයි.

අව්‍යාජ විම - ඔබේ profile එක සැබෑ පුද්ගලයෙකු හෝ ඔබේ business page එක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.

Uniqueness - ඔබගේ ගිණුම හෝ page එක, එය අදාල වන පුද්ගලයා හෝ ආයතනයට අදාල ලෙස සකස් කර තිබිය යුතු වන අතර, Facebook සමාගම මඟින් Funny Memes, Rap Videos වැනි general pages සඳහා verification Badge එක ලබා නොදේ.

සම්පුර්ණ භාවය - ඔබේ profile එක හෝ business page සක්‍රියව තිබිය යුතු අතර about section එක, profile photo වැනි දේවල් සම්පුර්ණ වී තිබිම අත්‍යාවශ්‍යය වෙනවා.

සැලකියයුතු ප්‍රමාණයක ප්‍රසිද්ධියක් තිබිය යුතු වීම - ඔබේ profile එක සුප්‍රසිද්ධ, බොහෝ විට අනෙකුත් පුද්ගලයින් විසින් Facebook හරහා search කරනු ලැබූ, පුද්ගලයෙකු, වෙළඳ නාමයක් හෝ ආයතනයක් නියෝජනය කළ යුතුය.

Verification request කිරීමේ පියවර:-

ඔබගේ profile එක හෝ page එක Blue Badge verification එක ලබා ගැනීමට සුදානම් වූ පසු පහත පියවර අනුගමනය කළ යුතු වෙනවා.

මා ඉහතින් සඳහන් කර ඇති link එකට ගොස් verification contact form එකට පිවිසෙන්න.

Verify කර යුත්තේ ඔබගේ profile එක ද, page එක ද යන්න තෝරන්න.

මීළඟට Profile එකක් නම්, රජය විසින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතක් හෝ ආයතනයක් නම්, tax return document එකක්, Business registraion එකක්, utility bill එකක් වැනි documents upload කරන්න.

Additional Information textbox එකෙහි ඔබව verify කර යුත්තේ ඇයිද යන්න පැහැදිලව සඳහන් කරන්න. මෙය සඳහන් කරන ආකරය අනුව ඔබට Blue badge එක ලැබෙනවාද නැද්ද යන්න තීරණය වෙනවා.

එම from එක submit කර දින 2 ත් 30 ත් අතර ඔබට Blue Badge එක ලැබෙනවාද නැද්ද යන්න Facebook සමාගම විසින් ඔබව දැනුවත් කරනු ලබනවා.

Xác minh Trang hoặc trang cá nhân | Facebook?cft[0]=AZVgF_vGz3wqnq-NG0NvkM3adr4eggVwyd4Vy_kf2btI2dmebW2YUzMaQ-bPyxlAXOD3NfxUnz0tNItTimaR0xhtsHQZJuFkqy_WEUaPu7xoy3k85B_FnyPKYLThAEDoaqdIBMf8k0SU82q_-1XpoX7u&tn=-UK-R

Source: Technews

2 Likes