Community Standard හෙවත් ඔබ විසින් පිලිපැදිය යුතු නීති රීතීන් සහ මාර්ගෝපදේශයන්

Android වැඩකාරයෝ Forum එකට පැමිණ ඔබව සාදරයෙන් පිළිගන්නවා.

මේ Post එකේ ප්‍රධානතම අරමුණ වන්නේ ඔබට සහ අනෙකුත් සාමාජිකයන්ට මෙහි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා Android වැඩකාරයෝ පාලක මණ්ඩලය විසින් Android වැඩකාරයෝ Forum එක සදහා විශේෂයෙන්ම පිළියෙළ කරන ලද Community Guidelines පිළිබඳව දැනුම්වත් කිරීමයි.

එබැවින් මෙහි ඇති සියළු කරුණු හොඳින් කියවා වටහා ගෙන Android වැඩකාරයෝ Forum එක තුල අප විසින් පවත්වාගෙන යන ගුණාත්මක බව එලෙසින්ම පවත්වාගෙන යාමට අප හට ඔබගේ උපරිම සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

සියල්ලටම පෙර

ඔබගේ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීම සඳහා පැමිණ ඇත්තේ නිවැරදිම ස්ථානයට බව ඔබ විසින් හොඳින්ම දන්නා බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවකි. අප විසින් මෙය අලුතෙන්ම ආරම්භ කල ව්‍යාපෘතියක් වන අතර මෙතෙක් කල් අප විසින් පවත්වාගෙන ගිය Android වැඩකාරයෝ Facebook සමූහයේ ඉදිරි පියවර ලෙස හඳුන්වා දීමට අප කැමැත්තෙමු.

ඔබ අප හා සමඟ සම්බන්ධ වන්නේ මෙහි ආරම්භක අවධියේදී වන බැවින් ඇතැම් විට ඔබගේ ගැටළුවලට සහය ලබා ගැනීම ප්‍රමාද විය හැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් අන්තර්ජාලය තුල සෙවීමෙන් අනතුරුවද ඔබට නිවැරදි හෝ සෑහීමකට පත්වන පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූයේ නම් පමණක් මේ හරහා සහය ලබා ගැනීමෙන් අප හට සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

වර්තමානය වන විට සන්නිවේදනය යනු ඉතාමත් බලවත් ක්‍රියාවලියක් වන අතර සන්නිවේදනය සඳහා පහසුකම් සලසන එක් ස්ථානයක් ලෙස Android වැඩකාරයෝ Forum එක ප්‍රජාවට කෙතරම් වැදගත් දැයි අපි හඳුනාගෙන ඇති අතර, ඒ තුලදී සිදුවන අනිසි ක්‍රියාවන් වළක්වාලීමේ දී අපගේ කාර්යභාරය බැරෑරුම් ලෙස සලකමු. Android වැඩකාරයෝ Forum එක තුළ සිදු කිරීම සඳහා ඉඩ නොදෙන දේ දැක්වෙන Community Guidelines අප විසින් පිළියෙළ කර ඇත්තේ එබැවිනි.

අපගේ Community Guidelines වල පරමාර්ථය වී ඇත්තේ තාක්ෂණික තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වන Online Platform එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි Community එකක් ගොඩනැගීම සහ ඒ හරහා පුද්ගලයින් සමීප කරවීම රඳා පවතින්නේ විවිධ අදහස්, අත්දැකීම්, අදහස් සහ තොරතුරු බෙදා ගැනීමට පුද්ගලයන්ට ඇති හැකියාව මතයි. සමහරු එකඟ නොවුනත්, විරෝධය දැක්විය හැකි වුවත්, ඔවුන්ට වැදගත් වන කරුණු පිළිබඳව විවෘතව කථා කිරීමට පුද්ගලයින්ට හැකි වීම අපට අවශ්‍යයි. සමහර අවස්ථා වලදී, අප Community Guidelines වලට පටහැනි කාරණයක් වුවත් එය ප්‍රවෘත්තිමය හෝ මහජන යහපත සලසන්නක් වේ නම්, මහජනතාව දැනුවත් කිරීම සඳහා එම අන්තර්ගතයට අපි ඉඩ දෙමු. අප මෙය සිදු කරන්නේ එම කාරණාව මගින් සමාජයට සිදුවන හානියේ අවදානමට තක්සේරු කිරීමෙන් අනතුරුවය.

අපගේ Community Guidelines මෙහි සිටින සෑම කෙනෙකුටම අදාළ වේ. ඒවා විස්තීර්ණ ලෙස නිර්මාණය කර ඇත - නිදසුනක් ලෙස, වෛරී ලෙස නොසැලකෙන අන්තර්ගතය වෙනත් Community Guideline එකක් උල්ලංගණය කිරීම නිසා ඉවත් කළ හැකිය. වචන වලින් වෙනස් දේ අදහස් වන බව හෝ ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාව, භාෂාව හෝ පසුබිම අනුව මිනිසුන්ට වෙනස් ලෙස බලපාන බව අපි හොඳින්ම වටහාගෙන ඇති බැවින් සියළුම තීරණයන් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබා ගන්නා තීරණ වේ.

මෙම වෙනස්කම් සලකා බැලීමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරන අතරම අපගේ ප්‍රතිපත්ති නිරතුරුව සහ සාධාරණව පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශයන්ට අදාළ කර ගනිමු. මෙයින් අදහස් කරන්නේ, සමහර අවස්ථාවලදී මෙම Community Guidelines උල්ලංඝණය කරන අන්තර්ගතයන් සහ හැසිරීම් අප විසින් ඍජුව හඳුනා නොගන්නා අතර තවත් සමහර විට ඒවා සඳහා වන ක්‍රියා පටිපාටි බලාත්මක කිරීමට අපට අතිරේක තොරතුරු ලබා දී ඇති අවස්ථාවන්ට පමණක් සීමා විය හැකිය.

එබැවින් අපගේ අපගේ ප්‍රජා ප්‍රමිති යනු Facebook හි ඇති සහ ඉඩ නොදෙන දේ සඳහා මග පෙන්වීමකි. මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අපි Facebook ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම හැඟීමෙනි. උල්ලංඝණය කරන අවස්ථාවක් ඔබ විසින් දුටුවහොත් එය ඒ මොහොතේදීම Flag පහසුකම භාවිතා කරන දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ Community Guidelines උල්ලංඝණය කලවිට ඒ සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමේ බරපතලකම සහ ඔහුගේ/ඇයගේ හැසිරීමේ ඉතිහාසය අනුව වෙනස් වේ. නිදසුනක් වශයෙන්, පළමු වරට කරනු ලබන උල්ලංඝණය කිරීමක් ගැන අපි යමෙකුට අනතුරු ඇඟවිය හැකි නමුත් ඔවුන් අපගේ ප්‍රතිපත්ති දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ නම්, අපි Android වැඩකාරයෝ Forum එක තුල ඔහුට හෝ ඇයට පළ කිරීමට ඇති හැකියාව සීමා කිරීමට හෝ ඔවුන්ගේ ගිණුම අක්‍රීය කිරීමට ඉඩ ඇත. භෞතික හානියක් සඳහා අව්‍යාජ අවදානමක් හෝ මහජන ආරක්ෂාවට සෘජු තර්ජනයක් ඇතැයි අප විශ්වාස කරන විට අපි නීතිය ක්‍රියාත්මක කරන්නන්ට දන්වනු ඇති අතර එවැනි දෑ සඳහා Android වැඩකාරයෝ Forum එක හෝ Android වැඩකාරයෝ පාලක මණ්ඩලය විසින් කිසිඳු වගකීමක් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

අදහස් ප්‍රකාශනය සඳහා අපගේ කැපවීම කෙතරම් වැදගත්ද යන්න ඔබට ඉහතදී වැටහෙන්නට ඇත. නමුත් අන්තර්ජාලය විසින් අපයෝජනය සඳහා නව සහ වැඩි අවස්ථාවන් නිර්මාණය කරන බව අපි හඳුනා ගනිමු. මෙම හේතු නිසා, අපි ප්‍රකාශනය සීමා කරන විට, අපි එය කරන්නේ පහත සඳහන් අගයන්ගෙන් එකක් හෝ වැඩි ගණනක් කඩ වීමෙන් අනතුරුවය.

අව්‍යාජභාවය

ඔබ විසින් Android වැඩකාරයෝ Forum එක තුල පලකරන සියළුම දෑ අව්‍යාජභාවයකින් යුක්ත විය යුතුයි. අව්‍යාජභාවයෙන් යුතු තොරතුරු මඟින් අප සාමාජිකයන් සඳහා වඩාත් හොඳ සේවාවක් සැපයීම එහි ප්‍රධානම අරමුණ වන අතර වැරදි ලෙස නිරූපණය කරන කිසිවක් සඳහා මෙහිදී ඉඩකඩ සැලසෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

ආරක්ෂාව

Android වැඩකාරයෝ Forum ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අපි කැපවී සිටිමු. අප සාමාජිකයන්ට තර්ජනය කරන ප්‍රකාශනයන්, අන් අය බිය ගැන්වීමට, ඉවත් කිරීමට හෝ නිහඬ කිරීමට ගන්නා ක්‍රියාමර්ග සඳහා Android වැඩකාරයෝ Forum එක තුල කිසිවෙකුටත් අවසර නැත.

පෞද්ගලිකත්වය

අප සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සහ තොරතුරු ආරක්ෂා කිරීමට අපි කැපවී සිටිමු. පෞද්ගලිකත්වය හරහා මිනිසුන්ට තමන් වීමට නිදහස ලබා දෙන අතර, Android වැඩකාරයෝ Forum තුලදී අන් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ තොරතුරු බෙදාගැනීම සඳහා කිසිවෙකුටත් අවසර නැත.

ගෞරවය සහ අයිතිවාසිකම්

ගෞරවය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලු මිනිසුන් සමාන බව අපි විශ්වාස කරමු. ඔබ විසින් අන් අයගේ අයිතිවාසිකම් සඳහා ගරු කරනු ඇතැයි අප විසින් බලාපොරොත්තු වන අතර අන් අයට හිරිහැර වන ආකාරය හෝ ඔවුන් පහත් ලෙස සැලකෙන ආකාරයට කරනු ලබන හැසිරීම් සඳහා කිසිවෙකුටත් අවසර නැත.

අපගේ Community Guidelines යනු Android වැඩකාරයෝ Forumහි පලකිරීමට ඉඩ නොදෙන දේ සඳහා මග පෙන්වීමකි. මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අපි Android වැඩකාරයෝ Forumහි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ අනුව Android වැඩකාරයෝ Forum එක තුලදී,

  1. ප්‍රචණ්ඩත්වය සහ ඒ සඳහා හේතු වෙන ක්‍රියාවන්හි යෙදීම හෝ පල කිරීම සිදු කිරීම
  2. අපරාධ කටයුතුවල නියැලීම
  3. තහනම් භාණ්ඩ අලෙවි කිරීම
  4. වංචා සහගත ක්‍රියාවන්හි යෙදීම
  5. ළමා හෝ වැඩිහිටි ලිංගික ක්‍රියාවන් හෝ එවැනි ක්‍රියාවන්ට සමාන ක්‍රියාවන් හෝ ඒ සඳහා පොළඹවන ආකාරයේ පල කිරීම සිදු කිරීම
  6. සාමාජිකයන්ට හිරිහැර වන අයුරින් කටයුතු කිරීම
  7. යම් අයෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය වන ආකාරයට හැසිරීම
  8. වෛරය පැතිරෙන ආකාරයේ පල කිරීම් සිදු කිරීම
  9. ව්‍යාජ පුවත් පල කිරීම
  10. bit.ly, Adf.ly, වැඩි කෙටි කරන ලද සබැඳියන් පල කිරීම හෝ, එකම සබැඳියක් නැවත නැවත පල කිරීම හෝ, සාකච්ඡාවන්‍ට අදාල නොවන සබැඳියන් පල කිරීම හෝ, ප්‍රවර්ධනයන්ට අදාල සබැඳියන් පල කිරීම හෝ, සංස්කරණය කරන ලද රූප හෝ මාධ්‍යන් පලකිරීම
  11. වෙළඳ ප්‍රචාරණ කටයුතු වල නිරත වීම හෝ දැන්වීම් පල කිරීම

සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඉහත ක්‍රියාවන්ගේ යෙදීම ඔබගේ සමාජිකත්වය අහිමි වීමට හේතු වේ.

සැලකිය යුතු දෑ

  1. මෙහිදී ඔබ විසින් යම් පුද්ගලයෙකුන් ලබා ගන්නා උපදෙස් හෝ උදව් මත සිදු කරන දෙයකදී ඔබට, හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ ඔබගේ භාණ්ඩයකට හෝ වෙනත් පුද්ගලයෙකුගේ භාණ්ඩයකට සිදු වන ඕනෑම ආකාරයක හානි සඳහා Android වැඩකාරයෝ හෝ Android වැඩකාරයෝ Forum එක විසින් කිසිඳු ආකාරයක වගකීමක් දරණු නොලබන අතර ඒවා අත්හදා බැලීම හෝ ක්‍රියාත්ම කිරීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු වේ.
  2. මෙහි පල වන දෑ වල සත්‍යතාවය පිලිබඳව Android වැඩකාරයෝ පාලක මණ්ඩලය විසින් සැලකිලිමත් වන අතර අසත්‍ය දෑ හෝ හානි පමුණුවන දෑ පාලනය කිරීමට හැකි තරම් නියාමනය කරනු ලබයි. නමුත් මෙහි පල වන දෑ වල වගකීම කිසිඳු විටකත් Android වැඩකාරයෝ පාලක මණ්ඩලය සතු නොවන අතර අප ඒවා සඳහා වග කියනු නොලබයි.

ඔබ විසින් අපගේ Terms of Services සහ Privacy Policy වලට එකඟ වී ඇති බැවින් එහි සඳහන් සියළු කරුණු හොඳින් කියවා අවබෝධ කරගෙන ඇති බව සිතමු. මෙහි සඳහන් Community Standard වලට අමතරව Terms of Services සහ Privacy Policy වල සඳහන් වන කරුණුද මේ සඳහා අදාල වන බව කරුණාවෙන් සලකන්න.

මෙම නීති රීතින් වෙනස් විය හැකි අතර ඒ පිළිබඳව ඔබට දැනුම් දීමක් සිදු කරනු ලබනු ඇත.

11 Likes