Android වැඩකාරයෝ Paid memberships

අපි මේ වෙනකොට Android වැඩකාරයෝ website එකට paid membership tier එකක් හදුන්වලා දීලා තියෙනවා. ඔයාල පුළුවන් කැමති නම් මාසෙකට රුපියල් 100 බැගින් හෝ අවුරුද්දකටම එකපාර රුපියල් 1,000ක් ගෙවලා Premium membership එක මිලදී ගන්න. අපි ඒ මුදල සම්පූර්ණයෙන්ම යොදවන්නේ Android වැඩකාරයෝ Web අඩවියේ සහ Forum එකේ වියදම් වලට විතරයි.

ඔයාලට ඒක මිලදී ගැනීමත් එක්ක හම්බෙන වාසි තමයි

:sparkles: අපේ WhatsApp group එකට join වෙන්න අවස්ථාව හිමිවීම
:sparkles: Forum එකේ Verified profile එකක් හිමිවීම

ඒ වගේම ඉස්සරහදි අපි බලා පොරොත්තු වෙනවා තව Premium membership එකක් හරහා ඔයාල courses වලට access ලබා දෙන්න.

කැමති අය ඉන්නව නම් ඔයාලට පුලුවන් Android වැඩකාරයෝ website එකේ menu එකට ගිහිං login වෙලා Menu එකේම Accounts settings වල ගිහිං view plans හරහා ඔයාලගේ profile එක upgrade කරගන්න. ඒ වගේම පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිං ඔයාලට පුලුවන් Monthly හෝ Yearly plan එක select කරලා ගෙවීම කරන්න.

View Account Plans

අපි කරන ගෙවීම් ආරක්ෂිතයිද?

ඔව්, 100%ක්ම ආරක්ෂිතයි. අපි භාවිතා කරන්නෙ Stripe payment gateway එක. ඒකේ ආරක්ෂිත බව Stripe විසින්ම තහවුරු කරලා තියෙනවා.

Dollar වලින්ද ගෙවීම් කරන්න තියෙන්නේ

අපි 100%ක් ශ්‍රී ලාංකීය වෙබ් අඩවියක්. අපි ගෙවීම් භාර ගැනීම කරන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් විතරයි.

අනිවාර්යෙන් ගෙවන්න ඕනෙද?

2017 සැප්තැම්බර් ඉඳලා අපි මේ වෙබ් අඩවිය පවත්වාගෙන එනවා. අපි වසර 5කට අධික කාලයක් ඔයාලට සේවාව සැපයූවේ නොමිලේ ඉදිරියටත් එහෙම්මයි. මේ වන තුරුත් කිසිම විදිහකින් අපි මුදලක් අය කරලත් නෑ, ඒ වගේම කරදරකාරී විදිහට Ads display කිරීම කරලත් නෑ. ඉස්සරහට කරන්න අදහසකුත් නෑ. සියළුම වියදම් adminලා විසින් පෞද්ගලික ධනය පරිත්‍යාක කරමින් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ. ඇතැම් අවස්ථා වලදී sponsored content හරහා අපි මුදල් ඉපයීම කරලා තියෙනවා. ඒ ආකාරයෙන් sponsored content එක website එකේ පල කිරීමේදී ලිපිය කියවීමට ප්‍රථමව අපි ඔයාලට ඒ ලිපිය sponsored content බව දැනුම් දීම සිදු කර තිබෙනවා. අපි හැමදාම ඔයාලට සත්‍ය තොරතුරු නිවැරදිව ලබා දීමට කටයුතු කරනවා.

Login එකක් create කිරීමේදී ලබා දෙන දත්ත වල ආරක්ෂිත බව කොහොමද?

කිසිම විදිහකින් අපි අපේ පාඨකයන්ගේ තොරතුරු පිටට ලබා දීම හෝ අලෙවි කිරීම සිදු කරන්නේ නෑ. වතාවක් ලංකාවේ ආයතනකින් මේ වන විටත් ලියාපදිංචිව ඇති සාමාජිකයන්ගේ දත්ත ඉතා විශාල මුදලක් ගෙවා මිලදී ගැනීමට අපිට යෝජනාවක් ඉදිරි පත් කරත් අපි එය එසැණින් ප්‍රතික්ෂේප කරේ අපි නිරතුරුව අපගේ පාඨකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැදී සිටින බැවිනි. කොටින්ම අප විසින් අඩුම තරමේ ඔබගේ දත්තයන් Facebook Pixel හරහාවත් එකතු කරන්නේ නෑ. නමුත් දත්ත විශ්ලේෂණය සඳහා පමණක් අපි Google Analytics භාවිතා කරනු ලබනවා. නුදුරු අනාගතයේදීම අපගේම සේවාවක් හදුන්වා​දී Google Analytics ඉවත් කිරීමට කටයුතු කරනවා.

9 Likes

@thimiraonline e kiyanne api pay karoth withri verified wenne

1 Like

නෑ. පේ කරන අයට කෙලින්ම දෙනවා.

1 Like

ehenam kamak na

1 Like