අපි Android වැඩකාරයෝ Forum එකේ සාමාජිකයන්ට verification badge එකක් ලබා දෙන program එකක් අද ඉඳලා ආරම්භ කරනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ @Verified කියන group එකට ගිහිං join වෙන්න request කරන එක විතරයි.
එතන ඉඳලා වැඩේ තියෙන්නේ අපේ අතේ. ඊට පස්සෙ අපි ඔයාලව review කරලා බලනවා,
- කොච්චර දවසක් Forum එකට ඇවිල්ලා තියෙනවද,
- කොච්චර වෙලාවක් අපේ forum එකේ රැදිලා ඒකේ දේවල් කියවලා තියෙනවාද?
- කොච්චර topics ප්රමාණයක් open කරලා බලලා තියෙනවද
- කොච්චර replies ප්රමාණයක් බලල තියෙනවාද
- කොච්චර likes ප්රමාණයක් ඔයාට හම්බෙලා තියෙනවාද
- කොච්චර topics ප්රමාණයක් create කරලා තිඋයෙනවාද සහ ඒවා කොච්චර active විදිහට තියෙනවාද
- කොච්චර replies ප්රමාණයක් දාල තියෙනවද සහ ඒවා කොච්චර validද කියන එක
- නිවැරදි solutions විදිහට ඔයා කොච්චරක් දීලා තියෙනවාද කියන එක
- අපි ලබා දෙන Badges කොපමණ ප්රමාණයක් ඔයා ලබා ගෙන තියෙනවාද කියන එක
- ඒ වගේම Forum එකට කොච්චර යාළුවෝ ප්රමාණයකට ඔයා invite කරලා තියෙනවාද කියන එක
වගේ කරුණු විශාල ප්රමාණයක් අපි බලනවා. කෙටියෙන් සරලව කිව්වොත්, verified badge එක හම්බෙන්නේ forum එක ඇතුලේ active අයට. ඒක real profile එකක්ද, fake එකක්ද කියන එක අපි බලන්නේ නෑ.
Tips: යාළුවොන්ට invite කරන්න ඕනේ නම්, menu එකේ තියෙනවා invites කියල option එකක්, ඒකෙන් email එක දීලා කෙලින්ම invite කරන්න පුළුවන්. ඒ වගේම ඒ අය active විදිහට forum එකේ ඉන්නවාද කියලත් අපි බලනවා.